“ට්‍රම්ප් 2028” පුවත අසත්‍යක්: Trump කියයි.

0
5


රෂිකා හෙන්නායක

තුන්වන ධූර කාලයක් සලකා බලන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ තමන් වසර 08ක ජනාධිපතිවරයෙකු වන බවයි. 

ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත්තේ, එය ඉතා වැදගත් යැයි තමන් සෑම විටම සිතන බවයි. කෙසේවෙතත් 78 හැවිරිදි වියෙහි පසුවන ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ ජනාධිපති ධූරයේ තුන්වන ධූර කාලයක් සඳහා ඇති බලාපොරොත්තුව විහිලුවක් නොවන බවයි. 
 

එම අදහස වෙනස් කරමින් මෙම සම්මුඛ සාකච්ඡාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා අදහස් පළ කළ ද , විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ,තුන්වන ධූර කාලයක් පිළිබඳ ප්‍රකාශයක් හැඟවෙන “ට්‍රම්ප් 2028” යනුවෙන් සඳහන් තොප්පි අලෙවි කිරීම අමෙරිකාවේ සිදුවන බවයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here