නුවරඑළිය වසන්තයට එකතු කළ බැඩිමින්ටන් සුවඳ

0
5


නිශ්මං රණසිංහ මැයි 05, කොළඹ LNW:

බක්මහට ලංකාවේ ලස්සනම නුවරඑළියයි.ඒ ලස්සන පාරිසරිකව විඳගන්න මිනිස්සු නුවරඑළියට එනවා.ඒ වගෙම නුවරඑළිය මිනිස්සුන්ගෙත් ජිවිත ලස්සන වෙනවා.මේ ලස්සන හුවමාරු වෙන නුවරඑළියෙ බක්මහ සමාජ සංස්කෘතිය ඇතුළට මෙවර SUMMER SEASON ALL ISLAND OPEN BADMINTON CHAMPIONSHIPS 2025 පවතින සංස්කෘතිය යම් ආකාරයකට ධනාත්මකව සහ අර්ථාන්විතව ප්‍රසාරනය කිරීමක්.ඒ නිසා නුවරඑළියෙ අවුරුදු සමයට එහි වෙසෙන කුඩා සිට මහා පරිමාන ව්‍යාපාරිකයන්ට වගේම ගොවියට,කම්කරුවටත් වැඩි ආදායමක් ලබා ගන්න නවාතැනේ ඉදලා,කන එළවළුවෙ,බොන කෝෆි එකේ ඉදලම මාර්ගයක් හැදීමත්, SUMMER SEASON ALL ISLAND OPEN BADMINTON CHAMPIONSHIPS 2025 නුවරඑළියට බැඩ්මින්ටන්වලට සීමා නොවුණ මාර්ගයකිනුත් වැදගත් වෙනවා.

ඒ වගෙම මෙම වසන්ත බැඩිමින්ටන් සැණකෙළිය වර්ණ ගන්වන බැඩ්මිව්ටන්මය වූ දායකත්වයන් දෙකකුත් තරගාවලිය ඇතුළෙ තිබුණා.ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියකදී තරගයක් ජය ගනිමින් එවකට ලොව අටවැන්නාව සිටි ජපාන ක්‍රීඩකයා පරාජය කළ නිලූක කරුණාරත්න සිය වෘත්තීය බැඩිමින්ටන් ජීවිතයෙන් සමුගෙන පළමු වරට මෙම තරගාවලියේ අවුරුදු 35 ට වැඩි තරග කාණ්ඩයේ තරග කිරීම එක හේතුවක්.ඒ වගේම මෑත කාලයේ එංගලන්තයේ පැවති ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර තරගාවලියකදී රේණු චන්ද්‍රිකා සූරතා තුනකම හිමිකාරිය වීම නිසා,නුවරඑළියේදී ඇය සිය දස්කම් කෙසේ දක්වනු ඇද්ද යන්නත් අවධානයට ලක්ව තිබුණා.
නිලූක අවසානයේ 35 ඉහළ කේවල තරගයට සහභාගි වුණේ නැහැ.ඒත් ඔහු යුගල තරගය ජය ගත්තා.නිලූක එම හපන්කම කළේ චරිත් හරිඳු විජේනායක සමඟයි.අවසාන තරගයට ඔවුන් හා තරග කිරීමට ඉදිරිපත්ව සිටි රොහාන් පද්ම කුමාර සහ සුපුන් ලක්රංග පියරත්න ලබා දුන් තරගයද විශිෂ්ඨයි.නිලූකට සහ සඟයාට එම තරගය ජය ගන්න සිඳු වුණේ 25 – 23 සහ 21 -17 ක් ලෙසයි.
රේණු චන්ද්‍රිකා වයස් දෙකේ එකතුව 120 කාණ්ඩයේ දී රොහාන් ද සිල්වා සමඟ එක්ව සූරතාවය දිනා ගත්තා.ඇයට සිය වයස් කාණ්ඩය ඇතුළේ මේ තරගාවලිය සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබීම කණගාටුවට කරුණක්.රොහාන් ද සිල්වා යනු මේ ගෙවුණු ආසන්න වසර කිහිපය තුළ ලංකාවේ බැඩ්මින්ටන් ගැන ලෝකය යම් මට්ටමක කතා කරන තත්ත්වයට පත් කරන්න පදනම සහතික කර පුද්ගලයා යි.ඔහු ද චන්ද්‍රිකා සමඟ ගබා ගත් ජයට අමතරව කේවල පිරිමි වයස 70 ට වඩා කාණ්ඩයේ ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුණා.

අවුරුදු 11 න් පහළ සිට 19 න් පහළ දක්වා කණිෂ්ඨ අංශයේ තරග ද,අවුරුදු 35 න් ඉහළ සිට 120+ දක්වා ජ්‍යෙෂ්ඨ අංශයේ තරග ද ඇතුළත් වූ මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් අතරට ප්‍රධාන විවෘත තරග කාණ්ඩයේ ජයග්‍රාහකයන් ලෙස එක් වූ අයගේ නාම ලේඛණය පහතින් දැක්වෙනවා.
පිරිමි කේවල
හිරුක සහන්මිත්
කාන්තා කේවල
විදාරා සුහස්නි විදානගේ
පිරිමි යුගල
ඔෂ්මික කරුණාරත්න සහ තුලිත් දෙව්මික පල්ලියගුරු
කාන්තා යුගල
ඉසුරි අත්තනායක සහ සිතුම් ලි සිල්වා
මිශ්‍ර යුගල
ඒලන් ධර්මරාසපුත්‍ර සහ වරංගා ජයවර්ධන
මෙම ජයග්‍රාහකයන් වගේම පිරිමි තරග අංශයේ පරාජිතයන් සමඟ අතර පැවති ප්ලේට් සූරතා තරග අංශයෙන් රනිරු විශුද්ධ ජයග්‍රහණය කරන්නට සමත් වුණා.අප්‍රේල් 21 දා සිට 27 වන දා දක්වා වසන්ත නිවාඩුවේ අග්ගිස්සට එකතු වුණ මේ තරගාවලිය බැඩිමින්ටන් ක්‍රීඩාවට ගෙනා ආලෝකය තරමටම නුවරඑළියේ ආර්ථිකයට ද සහයක් සහ සහනයක් විම කැපී පෙණුනා.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here