රෝයල් කණ්යමේ කඩුලු 03ක් බිඳ හෙලූ මතිෂ IPL තරගාවලියේ සිය හොදම පන්දු යැවීම වාර්තා කරයි

0
10


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 02ක තියුණු ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූර් කණ්ඩායම සමත් වුණා. 

පළමුවෙන් පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ  කඩුලු 05ක් දැවී ලකුණු  213ක් රැස් කළා. 

එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූර් කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි පන්දු 33කදී ලකුණු 62ක් සහ ජේකබ් බෙතෙල් ලකුණු 55ක් ලබාගත් අතර වේගවත් ඉනිමක් දියත් කළ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 14කින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. 

ජයග්‍රාහී ලකුණු 214ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩුලු 05ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 211ක් පමණයි. 

ඒ අනුව තියුණු තරගයකින් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූර් කණ්ඩායම ලකුණු 02ක ජයක් හිමි කර ගත්තා.
 

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූර් කණ්ඩායමේ කඩුලු 03ක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ලංකාව නියෝජනය කළ මතීෂ පතිරණ සමත් වුණා. 

මතීෂ පතිරණ සිය පළමු පන්දුවාර 03 තුළ ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු 03ක් දවා ගත් අතර අවසන් පන්දු වාරයේදී ඔහුට එරෙහිව ලකුණු 2 ක් වාර්තා කිරීම කැපී පෙනුණා. 

ඒ අනුව මතීෂ පතිරණ සිය පන්දුවාර 04 නිමා කළේ ලකුණු 36කට කඩුලු 03ක් බිඳ හෙලමින්. 

ඒ ඔහුගේ ෂඡඛ තරගාවලියේ සිය හොඳම පන්දු යැවීම වාර්තා කරමින්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here