මාතර බන්ධනාගාරයෙන් තවත් ජංගම දුරකථන 14ක් සොයාගෙන

0
4


මාතර බන්ධනාගාරයේ ඊයේ (03) දින සිදුකළ විශේෂ පරීක්ෂාවක දී ජංගම දුරකථන 14ක්, මාංචු කුට්ටම් 05 ක් සහ මාංචු යතුරු 04ක් සොයාගැනීම හැකිව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් විශේෂ යන්ත්‍ර උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂා කිරීම් සිදුකර තිබුණා.

මේ අතර එම බන්ධනාගාරයේ පසුගිය පළමුවන දා සිදුකළ විශේෂ පරික්ෂාවේ දී සඟවා තිබූ ජංගම දුරකථන 23ක්, මුදලින් රුපියල් දස දහසක් පමණ මුදලක් සහ මාංචු යතුරු විස්සක් පමණ සොයා ගැනීමට හැකිව තිබුණා.

මාතර බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙක වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමේ සිද්ධියකට එරෙහිව රැදවියන් පිරිසක් බන්ධනාගාරයේ දේපළට හානි කරමින් පසුගිය 22 වනදා රාත්‍රියේ නොසන්සුකාරී ලෙස හැසිරුණා.

එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබමින් එම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගෙන තිබූ අතර, පසුව එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මේ සමග බන්ධනාගාරයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාතර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් පසුගිය 23 වනදා පෙරවරුවේ දී අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමටයි කටයුතු කළේ.

ඒ, අනුව රැඳවියන් රහිත බන්ධනාගාරය පරීක්ෂා කිරීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර, එම පරීක්ෂා කිරීම්වලදීයි මෙම ජංගම දුරකථන ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සොගෙන ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here