ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

0
4


මේ අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අත්අඩංගුවට ගෙන පැය 48ක රැඳවුම් නියෝග මත සිටි එම සිද්ධියේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළ සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. 

ඒ අනුව කොළොන්නාව ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 


එම සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත අපරාධයට යොදාගත් යතුරු පැදිය, ආරක්ෂිත හිස්වැසුම, ජංගම දුරකථන දෙකක් සහ සිම් කාඩ් පත් දෙකක් සොයාගෙන තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here