ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

0
5


ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට අවසර ලබා දුන්නා. 

බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ආවරණය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට පමුණුවනු ලැබුවා. 

පොලිසිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මෙන්ම මෙම සැකකරුට අපරාධය සමඟ තිබෙන සම්බන්ධය දැක්වෙන සවිස්තර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළා. 

ඒ අනුව සැකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඒ අනුව සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අධිකරණය විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here