නගර සභා රැස්වීමකට ආ Batman

0
10

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Santa Clara නගර සභා රැස්වීමකට පැමිණි Batman ඇඳුමින් සැරසී  පුද්ගලයෙකු විරෝධයක් පළ කර තිබේ.

ඒ කැලිෆෝනියා ප්‍රාන්තයේ Santa Clara, Levi’s Stadium හි පැවැත්වීමට නියමිත Super Bowl තරගය අතරතුර එරට Immigration and Customs Enforcement (ICE) නිලධාරීන් සම්බන්ධ කිරීමට විරෝධය පළ කරමින්ය.

මෙහිදී Batman ඇඳුමින් සැරසී පැමිණි පුද්ගලයා ඒ පිළිබඳව නගර බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ද තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ, Super Bowl වැනි විශාල ක්‍රීඩා උළෙලක් සඳහා නගරයට මාස ගණනක් පෙර සැලසුම් කිරීමට අවස්ථාව තිබූ බවත්, නගර සම්පත් නගර වැසියන්ගේ හිතකාමී කටයුතු සඳහාම යොදාගන්නා බව නගරය නැවත තහවුරු කළ යුතු බවත්ය.

ලබන පෙබරවාරි 8 වනදා Seattle Seahawks සහ New England Patriots කණ්ඩායම් අතර Super Bowl තරගය පැවැත්වීමට නියමිතය. 

එම තරගය අතරතුරදී එරට Immigration and Customs Enforcement ෆෙඩරල් නීති බලාත්මක කරමින් අනවසර සංක්‍රමණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here