සරසවි සිසුවා මියයාම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගනී

0
6


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සරසවි සිසුන් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

ඒ, සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමනලවැව පොලීසියට සිදු කර ඇති පැමිණිල්ලකට අනුවයි. 

අදාළ චෝදනා එල්ල වන ප්‍රධාන සැකකාර සරසවි සිසුවා ඇතුළු සරසවි සිසුන් 16 දෙනෙකුට අද දිනයේ සමනලවැව පොලීසියට පැමිණෙන ලෙසයි පොලීසිය දැනුම් දී ඇත්තේ. 

පුස්සැල්ලෑව, ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් නම් තරුණයා පසුගිය 29 වනදා රාත්‍රියේ නිවස අසලදී සියදිවි හානි කර ගත් අතර සිසුවාගේ දෙමාපියන් චෝදනා එල්ල කළේ විශ්වවිද්‍යාලය තුළ නවකවදයට ලක්වීම හේතුවෙන් තම දරුවා සියදිවි හානි කරගත් බවටයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. 

මේ අතර සිසුවා මිය යාම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය සුනිල් ශාන්ත මහතා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා. 
 

ඔහු කියා සිටියේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ ඒ වයි අමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කළ බවයි. 
 

සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ශාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයද නිවේදනයක් නිකුත් කළා. 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. 

Neth Sound · MADUSHAN 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here