ලොක්කන්ගේ අඩිපාරේ ගිය ගමේ අපේක්ෂකයා මාට්ටු

0
11


ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීමට අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා අපෙක්ෂකයෙකු වන ආදායම් පරීක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉමදූව ප්‍රාදේශය සභාවේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂයකු වන අතර ඔහු සේවය කර ඇත්තේ අක්මීමණ ප්‍රාදේශීය සභාවේ ආදයම් පරීක්ෂක ලෙසය.
එම අදායම් පරීක්ෂකයා පැමිණිලිකරුගේ හෝටලයේ කාමරයක් තුළදී මෙලෙස අල්ලස් මුදල ලෙස රුපියල් 25,000ක් ලබාගැනීමේදී පසුගිය 30 වනදා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here