අපේක්ෂා රෝහලේ ඉදිකිරීම් වැඩ යළි ඇරඹේ. නාවික හමුදාව ඇතුළු සියල්ලන්ට ප්‍රනාමය !

0
4


ශ්‍රම දායකත්වය ලබාදීම සඳහා අනුයුක්ත කර සිටි නාවික හමුදා සෙබළුන් ඉවත් කරගැනීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ “ලිනැක්” ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

අපගේ එම අනාවරණයෙන් පසු දිනම නාවික හමුදාව යළිත් තම සෙබළුන් එම ඉදිකිරීම් ස්ථානයට අනුයුක්ත කර ඇති අතර මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු නැවතත් ආරම්භ වී තිබේ.

පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වඩාත් හොඳින් ඉටුකිරීම උදෙසා පෞද්ගලික දානපතියකුගේ ධන පරිත්‍යාගයෙන් යුතුව ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලේ කටයුතු කඩිනමින් අවසන් කිරීම උදෙසා මෙසේ මැදිහත් වෙමින් නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යළි ලබාදීමට කටයුතු කළ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, නාවික හමුදාපතිවරයා ඇතුළු සියලුම පාර්ශ්වවලට අපගේ ස්තූතිය පුද කරන්නෙමු.

පෙර පුවත –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here