මේ වන විට ඉන්දියාවේ දිල්ලි නුවරට තද වැසි සහ දුවිලි කුණාටු තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් එරට පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 200කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව ගුවන් යානා ගුවන්තොටුපොළ බලා පැමිණීමට මිනිත්තු 21ක් සහ ගුවන්තොටුපොළින් පියාසර කිරිමටත් මිනිත්තු 61ක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ගුවන් තොටුපළ වෙත යාමට පෙර දෛනික ගුවන් ගමන්වල නවතම තත්ත්වය පරීක්ෂා කරන ලෙසයි ඉන්දීය ගුවන් සමාගම් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීමෙන් එරට දුම්රිය 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ප්‍රමාද වී තිබෙනවා.
එසේම ද්වාරකා, ඛාන්පූර්, ලජ්පාත් නගර්, මෝති බාග් යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි පැය කිහිපය තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා වර්ධනය විය හැකි බවද එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
Saru FM Media