සජිත් කරපු වැඩේ අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ.රැළිය අවසන් වෙනකම් ඉන්න බැරි නම් ආයේ එන්නත් එපා – ආනන්ද පාලිත (VIDEO)

0
6


කොළඹ LNW:තලවකැලේ දී පැවති සමඟි ජන බලවේගයේ මැයි රැළිය අවසන් වීමට පෙර පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව අවසන් වී එම ස්ථානයෙන් පිටව යාම ගැන අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය සේවා සමඟි වෘත්තීය සමිති සම්මේලනයේදී එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විරෝධය පළකළේය.

සජිත් ප්‍රේමදාස විසින් කළ දේ අනුමත නොකරන අතර මැයි දිනයේදී නායකයෙකුට වෙන වාදක නොතිබිය යුතු වන අතර අවසන් කම්කරුවාත් පිටව යන තෙක් නායකයා සිටිය යුතු බවයි ආනන්ද පාලිත මහතා සඳහන් කළේ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා නිසාත් පක්ෂ නායකයා නිසාත් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කළ ද වේලාසනින් කතා කර පැන යාම කිසිකෙනෙක් අනුමත නොකරන බව ඔහු ප්‍රකාශ කරන ලදී.

ඊළඟ වතාවේ හෝ වැරැද්ද නිවැරදි කර ගත යුතු බවත් මැයි රැළියේ අවසන් කම්කරුවාත් පිටව යන තෙක් සිටීමට නොහැකි නම් නෑවිත් සිටිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here