සරසවි සිසුවාගේ මරණය ගැන පොලිස් විමර්ශන

0
6


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා පවසනවා. 

මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ සිසුවාට නවක වදය ලබා දී ඇතැයි සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බවයි. 

Neth Sound · SSP BUDDIKA 01

මරණයට පත්වූ සිසුවා සමග නවක වදයට ලක්වූ තවත් සිසුන් සිටී නම් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් මූලික විමර්ශන ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ.

Neth Sound · SSP BUDDIKA 02

මේ අතර, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින්ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
 

චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස ඔවුන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව එහි දක්වා ඇති අතර මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස එහි දක්වා තිබෙනවා. 
 

අදාළ චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවත් එහි දැක්වෙනවා. 

එම විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බවයි ඔවුන් පවසන්නේ. 

නවකවධය වැනි පසුගාමීත්වයන්ගේ පැවතීම විසින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට අත්කර දුන් ජයග්‍රහණ කිසිවක් නොමැති බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here