පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ෂාන් නමැති සිසුවා සියදිවි හානි කරගැනීමේ සිද්ධියට කට උත්තර ලබා ගැනීම සඳහා එම සිද්ධියේ ප්‍රධාන සැකකාර සිසුවා ඇතුළු 16 දෙනෙකු සමනල වැව පොලිස් ස්ථානයට අද (02) පෙරවරුවේ කැඳවා තිබෙනවා.
ඒ අනුව එම සැකකාර සිසුන් 16 දෙනා අද පෙරවරුවේ සමනලවැව පොලිසිය හමුවේ පෙනී සිටි බවයි පැවසෙන්නේ.
චරිත් දිල්ෂාන් නමැති සිසුවා පසුගියදා තම විශ්වවිද්‍යාලයේ දී කොට කලිසමක් හැඳගෙන සිටීම දුටුවා යැයි පැවසෙන ජ්‍යේෂ්ඨ සරසවි සිසුන් කිහිපදෙනෙකු එක් ව මෙම දෙවැනි වසරේ සිසුවාට දැඩි අමානුෂික වදහිංසා පමුණුවා ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
එමෙන්ම මෙම සිසුවා ඉහළගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙමාපියන්ට ද පවසා දැඩි මානසික පීඩනයකින් සිට ඇති බවයි සිසුවාගේ දෙමාපියන් සහ ඥාතීන් චෝදනා කරන්නේ.
ඇතැම් විටක දී මරණකරු පවුලේ ඥාතීන්ට හෝ මුහුණ නොදුන් බව ද වාර්තා වනවා.
පසුව ඔහු නිවසේ පිහිටි කුකුල් කූඩුවක සියදිවි හානි කරගෙන ඇති බවත් මියයෑමට පෙර තමන් මුහුණ දුන් මානසික පීඩනය ගැන ලියූ ලිපියක් ද තිබී සොයාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන් පිරිසක් ද පොලිසියට පැමිණිලි කර ඇති අතර, මියගිය චරිත්ගේ පියා විසින් ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සමනල වැව පොලිසිය පැවසුවේ සැකකාර සිසුන් 16 දෙනා සම්බන්ධයෙන් සහ එම සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
Saru FM Media