සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.
එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9එම්එම්. පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ ටී-56 උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇත.
පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බවය.
පසුව සම්පත් මනම්පේරි නැමැත්තා සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය වී තිබේ.
Saru FM Media