Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් තෙල් මිල බැස්සේ සොච්චමයි: ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ

තෙල් මිල බැස්සේ සොච්චමයි: ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ

0
6


threewheel-charges-not-reduce

පෙට්‍රල් මිල රුපියල් හයකින් අඩු කිරීම ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය අවධාරණය කරයි.

සංගමයේ සභාපති එම්.ජේ. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ, වර්තමානයේ කිලෝමීටරයකට රුපියල් 100ක් වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට නම්, පෙට්‍රල් ලීටරයක මිල අවම වශයෙන් රුපියල් 260 දක්වා අඩු විය යුතු බවයි.


දිසානායක මහතා පැහැදිලි කර සිටියේ, එක් පෙට්‍රල් ලීටරයකින් ත්‍රිරෝද රථයක් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 20ක පමණ දුරක් බැවින්, ලීටරයක මිල රුපියල් හයකින් අඩු කළේ වුවද, එයින් කිලෝමීටරයකට අඩු කළ හැක්කේ සත 40ක් වැනි ඉතා සුළු මුදලක් පමණක් බවයි.
“පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හයකින් අඩු කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ. එමඟින් ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි අපහසුතාවයට පත් වනවා,” යැයි දිසානායක මහතා සඳහන් කළේය.
ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට නම්, රජය විසින් පෙට්‍රල් මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කළ යුතු බවත්, එසේ නොවන තුරු කිසිම ආකාරයකින් ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොකරන බවට සියලුම ත්‍රිරෝද රථ සංගම් තීරණය කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ, ඉන්ධන මිල මෙන්ම ත්‍රිරෝද රථවල අමතර කොටස් මිල ද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවයි. පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට නම්, රජය විසින් ඉන්ධන මිල වඩාත් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.


සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 180 සිට 240 අතර තිබූ කාලයේදී පවා කිලෝමීටරයකට රුපියල් 100ක ගාස්තුවක් අය කළ බවත්, එම මිල තවමත් නොවෙනස්ව පවතින බවත්ය.
ගාස්තු අඩු කර පාරිභෝගිකයන්ට සහනයක් සැලසීමට ත්‍රිරෝද රථ හිමිකරුවන් කැමැත්තෙන් සිටින නමුත්, ඉහළ ඉන්ධන මිල හා අමතර කොටස් මිල එයට බරපතල බාධාවක් වී ඇති බව ද දිසානායක මහතා පෙන්වා දුන්නේය.
අතරතුර, පාසල් බස් හා වෑන් රථ හිමිකරුවන් ද මීට සමාන ස්ථාවරයක සිටින අතර, ඔවුන් ද පවසන්නේ වර්තමාන පෙට්‍රල් මිල අඩුවීම ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here