“බැංකු හෝ පොලිස් අනුකරණ වංචාවලට නොරැවටෙන්න” – Sri Lanka CERT

0
11

SMS පණිවිඩ සහ ඔන්ලයින් පණිවිඩ ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් පත් අත්හිටුවා ඇති බව සදහන් පණිවිඩ එවමින් වංචාකාරී ලෙස මුදල් පැහැර ගැනීමේ ජාවාරමක්
පිළිබඳ Sri Lanka CERT ආයතනය දැනුම් දෙයි.

එම ආයතනය විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම මූල්‍ය වංචාවන් පිළිබඳ Sri Lanka CERT වෙත මේ වනවිට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවය.

මේ සිදුවීම් සම්බන්ධව අත් අඩංගුවට ගැනීමක් සිදුවන බවටද තර්ජනාත්මකව පැවසෙන නිසා රුපියල් ලක්ශ ගනනක් ගෙවා ඉන් ගැලැවීමට වංචාවට හසූ වූවන් කටයුතු කර ඇත.

වංචාකරුවන් භාවිතා කරන ප්‍රවේශ

1. කෙටි පණිවුඩ සහ මාර්ගගත පණිවිඩ හරහා ව්‍යාජ බැංකු ඇඟවීම්

කිසියම් සැක කටයුතු ක්‍රියාවක් හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත අත් හිටුවා ඇති බව සදහන් කරමින් සහ සුප්‍රසිද්ධ බැංකු කිහිපයක නම් සදහන් කරමින් මෙම වංචාව සිදු වන බවද දැනගන්නට ඇත.

ක්‍රෙඩිට් කාඩ්පත නැවත ක්‍රියාත්මක කර ගැනීමට නම් හැදුනුම්පත් අංකය ඇතුළු පුද්ගලික තොරතුරු එම sms පණිවිඩයේ සදහන් ලින්ක් එක හරහා
බැංකුවට ලබාදෙන ලෙස එම පණිවිඩයෙන් කියැවේ.

පැය 24 ක් ඇතුලත එම තොරතුරු share නොකලහොත් කාඩ්පත අවලංගු වන බව හෝ කාඩ්පත්වලින් මුදල් නිකුත් විය හැකි බව හෝ එහි සදහන් වේ.

ක්‍රෙඩිට් කාඩ්පත යොදාගනිමින් ගණුදෙනු කරන පුද්ගලයන් මෙම පණිවිඩයට අනුකූලව කටයුතු කරමින් කාඩ්පත අවලංගු වීම වලක්වා ගැනීම සදහා වහා ලින්ක් එකට ගොස් තමන්ගේ සංවේදී දත්ත ඇතුලත් කිරීම සිදු කර ඇත.

ඉන් පසු වංචාකරුවන් ඉතා සුක්‍ෂමව බැංකු ගිණුමට පිවිස OTP අංකයක් තොරතුරු ලබා දුන් පුද්ගලයාට යවා එම අංකය ලබා ගෙන ඔවුන්ගේ ගිණුම්වල පැවති මුදල් පැහැරගෙන තිබේ.

2. WhatsApp වීඩියෝ ඇමතුම් හරහා පොලිස් රගපෑම

තවත් පිරිසකට ඔවුන්ගේ ජංගම දුරකථනයට WhatsApp ඔස්සේ වීඩියෝ ඇමතුමක් ලබා දෙන පොලිස් ඇදුමෙන් සැරසුනු වංචාකරුවෙක් තමන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස හදුන්වා දෙමින් රගපෑමක යෙදෙන බවත් අනාවරණය වී ඇත.

අපරාධකරුවෙක් පොලිසියේ අත් අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා ඇමතුම ලැබෙන අයගේ නම සහ හැදුනුම්පත යොදාගනිමින් ක්‍රෙඩිට් කාර්ඩ් පත් බැංකු කිහිපයකින් ලබා ගෙන රුපියල් මිලියන ගනනක වංචා කර ඇති බවත් සදහන් කරන එම පොලිස් නිලධාරිවරයා ඉන්පසු හැදුනුම්පත් අංකය සහ ගිණුම් අංකද සදහන් කරමින් ප්‍රශ්න කර බලපෑම කරන බවත් එම සියලු තොරතුරු තමන් මීට පෙර ලබා දුන් ඒවා බව ඒ වන විට වංචාවට හසුවූ අයට සිහිපත් කර ගැනීමට ඉඩක් නොලැබෙන පරිදි මෙම ප්‍රශ්න කිරීම සිදු වන
බවත් පැමිණිලිවල සදහන් වේ.

මහජනතාවට උපදෙස්
එබැවින් මෙම SMS පණිවිඩ හෝ ඔන්ලයින් ඔස්සේ ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදු කරන ව්‍යාජ රග පෑමට හසු නොවන ලෙසත් Sri Lanka CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර නිල සම්බන්ධතා තොරතුරු භාවිතාකර ඔබේ බැංකුව හෝ අදාළ බලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වන ලෙසත් සැක සහිත වංචා පිළිබඳ තොරතුරු බැංකුව වෙත දැනුම් දෙන ලෙසත් Sri Lanka CERT ආයතනය ඉල්ලා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here