නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ භාණ්ඩ තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

0
6


ස්වර්ණාභරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කොට්ඨාශ බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් සිදු කළ වැටලීමකදීයි. 

එම කාන්තාව ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ රන් මාළ 23ක්, රන් කැබැල්ලක්, අත් පළදනා 03ක්, කරාබු ජෝඩු සහ කර මාල, ලැප්ටොප් පරිගණක 06ක් සහ ජංගම දුරකථන 11ක් සඟවා ගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ. 

එලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පනස් හයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගත් කාන්තාව මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.       

            
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here