දේශබන්දුට පාතාලයෙන් තර්ජන තියෙනවලු! පොලිසියෙන් ගෙදරටම ගිහින් කියලලු! ආරක්ෂාව ඉවත් කරපු නිසා ජීවිත තර්ජනයක් ගැන බුද්ධි අංශ වාර්තාවකුත් පොලිස් මූලස්ථානයට දීලාලු!  I Sri Lanka Latest News

0
6


පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් ජීවිත තර්ජන එල්ල විය හැකි බවට රාජකාරී අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිිසිය අනතුරු අඟවා තිබේ.එමෙන්ම බුද්ධි නිලධාරීන් මගින්ද ඒ පිළිබඳව සනාථ කරමින් වාර්තාවක් පොලිස් මූලස්ථානයට යොමුකර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ල විය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකු පොලිස්පතිවරයාගේ හෝකන්දර පිහිටි නිවසට පැමිණ ඔහු මුණගැසී මෙම දැනුම් කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි ද එම නිලධාරීන් දැනුම් දී ඇතැයි කියයි.

එමෙන්ම තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුට ඇති ජීවිත තර්ජන පිළිබඳව තොරතුරු ඇතුළත් බුද්ධි අංශ වාර්තාවක් පොලිස් මූලස්ථානයට ලබාදී ඇතැයිද වාර්තා වේ.

එමගින් තොරතුරු අනාවරණ කර ඇත්තේ, යුක්තිය ඇතුළු මෙහෙයුම්වලින් තෙන්නකෝන් පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් වෙනත් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන්ද මරණ තර්ජන එල්ලවිය හැකි බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here