කම්කරු ප්‍රජාව යනු අප රටේ ජීවය ප්‍රාණය හා ශක්තිය බවත් ඔවුන්ගේ දහඩිය කඳුළ ශ්‍රමය කැප කර අප රටේ ජීවනාලිය වී ඇති නමුත් අද වන විට කම්කරු අයිතිය අහිමි වන යුගයක් උදා වී ඇති බවත් වැඩ කරන ජනතාවගේ ETF, EPF වලට පිට් පොකට් ගහන යුගයක් උදා වී ඇති බවත් පසුගිය රජයත් ජනාධිපතිවරයාත් වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් විනාශ කරන අයි එම් එෆ් ගිවිසුමකට අත්සන් කළ බවත් මේ වන විට වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන වත්මන් රජයත් හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් වැඩ කරන ජනතාවගේ ETF EPF පිට්පොකට් ගසමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තලවකැලේ නගරයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමිනි
වතු හා කම්කරු ජනතාව වෙනුවෙන් ඊයෙත් අදත් හෙටත් සැබැ ලෙසම සටන් කරන්නේ සමගි ජන බලවේගය බවත් වත්මන් රජය බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රට පාලනය කරන බවත් ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේදී බොරු කියා පොහොසත් රටක් හදනවා කිව්වත් එවැනි රටක් ජනතාවට අත් නොවුණු බවත් මේ වන විට පිට පිටම තුන්වැනි වතාවටත් ජනතාව අනාථ කරන්න රජය සූදානම් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජය පොහොර සහනාධාරයත් නැති කරන්නයි යන්නේ
අද වන විට වත්මන් රජය පොහොර සහනාධාරය නැති කරන්න කටයුතු කරන බවත් වී ගොවිතැනට දෙන පොහොර සහනාධාරයවත් හරියට නොමැති බවත් පොහොර සහනාධාර ඉවත් කර වගා සහනාධාරය දෙනවා කියා රජය කියන්නේ පොහොර සහනාධාරය නැති කරන්න බවත් අද වගා හානි වන්දි පවා නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඡන්දෙන් පස්සේ ලයිට් බිලත් වැඩි වෙනවා
විදුලි බිල අඩු කරනවා කිව්වත් හිටපු ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඡන්දයෙන් පසු විදුලි බිල වැඩි කරණ බවට වාර්තා වෙන බවත් විස්තීරණ ණය පහසුකම් සිව්වැනි පියවර ලබා දෙන්න පෙර විදුලි බිල වැඩිකරන බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කියු රජය මේ වන විට ජනතාව රවටා අන්දවන්න කටයුතු කරන බවත්ව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
2/3යි ජනාධිපතිකමයි තියන් තාම වරායෙන් බාන මිලට තෙල් දෙන්න බැ
තෙල් ටික වරායේ බාන මිලටම දෙනවයි කිව්ව මාලිමා රජය අද වන විට මැතිවරණය දෙකක් ජය ගෙන 2/3ක් තියන් තවම තෙල් ටික අඩු කරන්න නොහැකි වූ බවත් හැමතැනම කරන්නේ බොරුව බවත් උපාධිධාරීන් 35000කට පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් ඒ සේරම පච මල්ලක් වී ඇති බවත් ඒ නිසා මේ රජයට හොද පාඩමක් ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මහලොකු උගතුන් සිටින රජයට බඩු මිල පාලනය කර ගන්න බැ
බඩු මිල, වැට් බදු, සෙසු බදු අඩු කරනවා කිව්වත් තවමත් ඒ කිසිවක් නොවු බවත් උගත් බුද්ධිමත් පිරිසක් රට පාලනය කරනවා කිව්වත් ජනතාවට සහන දෙන්න බැරි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද නීතියේ ආධිපත්‍යය නැහැ
අද වන විට නීතිය හා සාමය ක්‍රියාත්මක නොවන බවත් මැරයන් මිනිමරුන් අතට සමාජයේ පාලනය නතුවි ඇති බවත් නිවසේ මහමඟ වැඩබිමේ පවා මිනිමරණ බවත් රටේ නීතිය හා සාමය වල් බිහි වී කැලැ නීතිිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.











Saru FM Media