රැළි සහ පෙළපාළි සමග රට පුරා මැයි දින සැමරුම්

0
11


ලෝක කම්කරු දිනය සමරමින් මැයි රැළි සහ පෙළපාළි රැසක් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකදී අද පස්වරුවේ පැවැත්වුණා. 

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැළි 14ක් සංවිධාන කර තිබූ අතර පෙළපාළි 09ක් ද සංවිධාන කර තිබූ බවයි පොලීසිය පැවසුවේ. 

තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ ඇතුළු කොළඹින් පිට ප්‍රදේශවල මැයි රැළි 16ක් පැවැත්වුණා.

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය පැවැත්වුණේකොළඹ ගාලු මුවදොර පිටියේදීයි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම මැයි රැළියට අති විශාල පිරිසක් එක්ව සිටියා. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඇතුලු තවත් රටවල් කිහිපයක දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින්ද මෙම රැළියට එක්ව සිටීම විශේෂත්වයක්. 

මෙම මැයි දින රැළිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ රටේ ජනතාවගේ අනාගතය රැඳී ඇත්තේ ජාතික ජන බලවේගය මත බවයි. 

Neth Sound · ANURA 01

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.

Neth Sound · ANURA 02

“ගම දිනවන සටනට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ මැයි රැළිය මෙවර පැවැත්වුණේ තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේදීයි. 

පස්වරු 01ට පමණ තලවකැලේ නගර මධ්‍යයෙන් ආරම්භ වූ පෙළපාළිය තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයට ළඟා වීමෙන් අනතුරු එම මැයි දින රැළිය ආරම්භ කෙරුණා. 

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු සමගි ජන සන්ධානයේ නායකයින් සහ දේශපාලන ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. 

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැළිය ඇමතුවේ මෙලෙසයි. 

Neth Sound · SAJITH 01

තවත් දින කිහිපයකින් පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය සමගි ජන බලවේගය හිමි කරගන්නා බවද එහි නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.  

Neth Sound · SAJITH 02

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදීයි. 

“ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු” යන තේමාව ඔස්සේ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එම රැළිය පැවැත්වුණා. 

එහිදී රැළිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා. 

Neth Sound · NAMAL 01

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය පැවැත්වුණේ ඩාලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයි. 

එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා. 

Neth Sound · YAPA 01

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. 

එය සංවිධාන කර තිබුණේ ෂඵත්‍ මරඋගුලට ඉන්දියන් විජිතකරණයට එරෙහි එළියේ බලයක් යන තේමාව යටතේයි. 

සර්වජන බලය පක්ෂයේ මැයි දින රැළිය එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වරකාපොළ නගරයේදී පැවැත්වුණා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here