ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි

0
11

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 03 වනදා දක්වා කල් තබනු ලැබීය.

මෙම නියෝගය අද (30) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු වන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු නියෝගය සූදානම් නොමැති බවය.

ඒ අනුව මෙම නියෝගය ලබන තුන්වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා නිවේදනය කළේය.

ඊට පෙර මෙම නියෝගය සකස් කර ගැනීමට හැකි වුවහත් ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කළ විනිසුරුවරයා එසේ වුවොත් ඒ පිළිබඳව පාර්ශ්වකරුවන්ට දැනුම් දෙන බවත් ප්‍රකාශ කළේය.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here