එක්කෝටි හැටඅට ලක්‍ෂයක කුෂ් සහ හෂීස් කටුනායක වැසිකිළියක් තුළ දමා ගිහින්

0
8

රුපියල් එක් කෝටි හැටඅට ලක්ෂ හතළිස්දහසක් වටිනා “කුෂ්” සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (20 දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422ක් සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 262ක් වෙන වෙනම අසුරා තිබී ඇත.

මෙම වැසිකිළියෙහි සේවය කළ සේවකයා මේ බව අලුයම 01.30ට පමණ දැක, ඒ පිළිබඳ මුලින්ම කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඉන් අනතුරුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here