අහෝ UNPය..! ඩඩ්ලි.. සර් ජෝන්ලා.. ජේ.ආර්.ලා.. ප්‍රේමදාසලා මහ ඉහළින් සමරපු මැයි රැළිය අද කොහේවත් හොයාගන්න නෑ! VIDEO I Sri Lanka Latest News

0
7


අනෙකුත් සියලුම පක්ෂ මැයි රැලි පවත්වද්දී මෙවර මැයි දිනයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය මැයි රැළියක් නොපැවැත්වීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News

පසුගිය වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අතීත පක්ෂ නායකයන්ට මල්මාලා පළදවමින් මැයි දිනය සැමරීමට පියවර ගෙන තිබිණ.

නමුත් මෙවර කිසිදු උත්සවයක් එජාපය විසින් පැවැත්වීමට කටයුතු යොදා නැත.

එජාපය ලංකාවට නිදහස දිනා දුන් අභීමානවත් පක්ෂය ලෙසසැලකුණද වර්තමානයේදී වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එකදු මන්ත්‍රීවරයකු හෝ එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව නැත.

මෙහෙව් සම්භාවනීය පක්ෂයක් තමයි නැත්තටම නැති කළේ!

ජේ.ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් 1977 ජූලි මාසයේ දී ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව පවත්වන ලද පළමු මැයි දින රැළිය සඳහා ඉන්දියානු ජනප්‍රිය ගායකයන් මෙන්ම මෙරට සංගීතයේ මුදුන් මල්කඩක් ලෙස සැලැකෙන ඩබ්ලිව්.ඩී අමරදේව පවා යොදාගෙන තිබිණි.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ පළමු මැයි දිනය 1978 ගාලුමුවදොර පිටියේ දී පවත්වනු ලැබූ අතර, විශාරද ඩබ්ලිව්.ඩී අමරදේවයෝ ‘සරස්වතී අභිනන්දන ශාස්ත්‍රීය ගීතය’ ගායනා කරනු ලැබූහ. එම වේදිකාවේ ලාංකේය ගායක, ගායිකාවෝ සියලු දෙනා එවැනිම සම්භාව්‍ය ගීත ගායනා කළ අතර, ඉන්දියාවේ සිට ගෙන්වන ලද මොහොමඩ් රාෆික් ඇතුළු පිරිසද ශාස්ත්‍රීය ගායනා ඉදිරිපත් කළහ.

එම මැයි රැළියට සහභාගී වූ දසදහස් සංඛ්‍යාත පිරිසක් විසින් භාවනාවකට සමවැදුණු ආකාරයෙන් එම ශාස්ත්‍රීය ගීත කිසිදු කලබලයකින් තොරව ශ්‍රවණය කර තිබිණි.

එවැනි උසස් රසිකත්වයක් තිබූ එක්සත් ජාතික පාක්‍ෂිකයන් පවා මහත් ව්‍යසනයකට ඇදදමන ලද පාලනය මෙරට සමස්ත සමාජයට කෙතරම් විනාශකාරී ප්‍රතිඵල අත් කර දී තිබේ දැයි පහත දැක්වෙන වීඩියෝවේ දෙවැනි භාගයේ තිබෙන සංගීත ප්‍රසංගයෙන් තේරුම්ගත හැකි ය.

ලංකා ටෲත් වෙතින් උපුටා ගැණින.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here