මැයි රැළිවලට සියල්ල සූදානම් – ගෝල්ෆේස් රැළියට බස් 5,500ක්

0
6


අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. 

ප්‍රධාන රැළි ආරම්භ වන්නේ අද පස්වරුවේයි. 

පොලීසියේ දත්තවලට අනුව කොළඹ පමණක් මැයි රැළි 14ක් සංවිධාන කර තිබෙනවා. 

පැවැත්වෙන පෙළපාළි සංඛ්‍යාව 09ක්. 

තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ ඇතුළු කොළඹින් පිට ප්‍රදේශවල මැයි රැළි 16ක් පැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ. 

ගාලු මුවදොර ක්‍රීඩා පිටිය, පී ඩී සිරිසේන ක්‍රීඩංගණය, තැපැල් මූලස්ථානය, හයිඩ් පිටිය, පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රය, විහාරමහාදේවි එළිමහන් රංගපීඨය සහ ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාපිටියේ මැයි රැළි සංවිධාන කර තිබෙනවා. 

කොස් ගස් හන්දිය, බාලාතම්පෝ පටුමඟේ සංගම් මූලස්ථානය, ශාන්ත මයිකල් දේවස්ථානය, කොළඹ 05 සංගම් මූලස්ථානය සහ නගර ශාලාවේද මැයි රැළි පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. 

කොළඹ පැවැත්වෙන ප්‍රධාන මැයි රැළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන බවත් ඊට ලක්ෂ දෙක හමාරකට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවත් පොලීසිය සඳහන් කළා. 

මෙම රැළිය සඳහා බස්රථ 5,532ක් පැමිණෙනු ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ. 

Neth Sound · DIG INDIKA 03

මේ අතර වෘත්තීය සමිති නායකයෙකු ලෙස දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමේ ලා පුරෝගාමියකු වූ ඔ ඊ ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අද එක් වුණා. 

මේ, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා.

Neth Sound · SIRIPALA 01

මේ අතර දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරැවට පුෂ්පඋපහාර දැක්වීමේ උත්සවයක් ද කොළඹ අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරැව අසලදී අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන්.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here