සුබ නැකත අනුරටයි මාලිමාවටයි සුබ වෙලා ලක්ෂ 220ක් වෙච්ච රටේ ජනතාවට අසුබ වෙලා! VIDEO &  PHOTOS I Sri Lanka Latest News

0
4


පිටපිට 3 වැනි මැතිවරණයත් පැමිණ ඇති බවත් ගමේ හා නගරයේ බලය හා නායකත්වය තීරණය කිරීම මෙහි දී සිදුවන බවත් පසුගිය මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණ සමයේ ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ගැන මෙහි දී සොයා බැලිය යුතු බවත් සුබ නැකතින් රට අනුරට බාර දී පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති කරනවා කිව්වත් අදටත් 35000ක් උපාධිධාරින් රැකියා නොමැතිව මහපාරේ බවත් පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් එම රැකියා නොදී ඇති බවත් මේ නැකැත අනුර කුමාර දිසානායක මහතාට සුබ වුණාට රටේ ජනතාවට නම් සුබ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණි පසු හාල්, පොල්, කිරිපිටි, ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බඩු මිල, තෙල් මිල, විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් අවම වශයෙන් ජනතාවගේ ලු‍‍‍ණු අවශ්‍යතාවවත් හරියට සපුරා ගන්න රජයට නොහැකි වී ඇති බවත් ගොවියා රජ කරනවා කිව්වත් හරියට පොහොර සහනාධාරය පවා නොදී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයා කියූ කිසිවක් වුණ පොරොන්දුවක්වත් ඉටු නොකර ඇති බවත් මේ මොහොත වන විට පොරොන්දු කඩ කිරිම හා බොරු කීම සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් පවා පිහිටුවා ඇති බවත් හැම තැනම බොරුවයි රැවටිල්ලයි ඇන්දවිල්ලයි විතරක් ආණ්ඩුව කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රජය යන යන තැන කියන්නේ බොරු විතරයි

අප රටේ අපනයන කෙරෙහි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා 44%ක ප්‍රතිචාරක බදු පැනවූ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා බවට මාලිමා රජයේ ඇමතිවරු කියමින් යන බවත් එය අමූලික බොරුවක් බවත් මොවුන් රට නොමග යවන බවත් ඊට අමතරව වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් මොවුන් පොළොව පැලෙන බොරු කියමින් යන බවත් හැම තැනම කළේ බොරුව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

3 වැනි වතාවටත් මේ රජයටම රැවටෙනවාද?

ජනාධිපතිවරණයේ දීත් මහමැතිවරණයේ දීත් රැවටී 3 වැනි වතාවටත් නැවත රැවටෙනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් මේ රජය දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කිව්වත් එය ද නොවු බවත් හිටපු ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුම පසුපසම මේ රජයත් ගිය බවත් එම නිසා බොරුව පරාජය කළ යුතු බවත් මේ පච දේශපාලනයට වහල් නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජන ජිවිත සියල්ල අනාරක්ෂිතයි

අද වන විට ජන සමාජයේ බලය මිනිමරුවන් අතට පත්ව ඇති බවත් නිවසේදී මහමගදි වැඩකරන තැන දී මෙන්ම උසාවියේදීත් වෙඩි තබා ඝාතනය කරන තැනට රට පත්ව ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුවී ඇති බවත් ජනතාවගේ ජීවිත දැන් අනාරක්ෂිත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ නීතිය හා සාමය රැකගන්න නම් සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම වසමකම කුඩා ගමකම, ගමකම ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා ප්‍රජාව සමග එකතු වී නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් රජයට මෙවැනි වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේගයට පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් ඇති බවත් ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here