අකුරට වැඩ දැඩි කරති – ලංවිම සේවකයෝ ප්‍රසම්පාදන හා ටෙන්ඩර් වැඩත් අත්හරිති

0
7

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එහි සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමින් ඊයේ (21දා) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

විදුලබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනාවලට විරෝධය පා විදුලි සේවක වෘත්තීය සමිති පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේය. ඊයේ (21දා) මධ්‍යම රාත්‍රිය වනවිට ඊට දින 17ක් ගතවුව ද තම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම නිසා එම වෘත්තීය අරගලය තවත් ඉදිරියට ගෙනයන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පැවසීය.

විදුලිබල සේවක වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය අරගලයේ නිරත වී සිටියදී පසුගිය 17 සහ 18 දෙදින නිවාඩු දමා කොළඹ කොටුව විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බව වෘත්තීය සමිති පවසයි. එවැනි විරෝධතා පැවැත්වුවත් හිටපු විදුලිබල ඇමැතිවරයා ගෙනා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත ඒ ආකාරයෙන්ම ගෙන ඒමට වත්මන් පාලනය ද කටයුතු කරන බවත් එයට විරෝධය දක්වමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන ටෙන්ඩර් සහ ප්‍රතිසංස්කරණවලට සහභාගි නොවන බවත් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here