මැයි දිනයට දේශපාලන රැළි 30ක් – මාලිමාව සහ පොහොට්ටුව කොළඹ – සජබය තලවාකැලේ

0
4


ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින පෙළපාළි සහ රැස්වීම් රැසක් සංවිධාන කර තිබෙනවා. 

ඒ අතරින් ප්‍රධාන මැයි රැළි, පෙළපාළි සහ සැමරුම් පැවැත්වෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනයි. 

පොලීසියේ දත්තවලට අනුව කොළඹ පමණක් මැයි රැළි 14ක් සංවිධාන කර තිබෙනවා. 

පැවැත්වෙන පෙළපාළි සංඛ්‍යාව 09ක්. 

තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ ඇතුළු කොළඹින් පිට ප්‍රදේශවල මැයි රැළි 16ක් පැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ.

ජාතික ජන බලවේගය සිය මැයි රැළිය සංවිධාන කර ඇත්තේ ගාලු මුවදොර පිටියේදීයි. 

පෙළපාළියකින් තොරව රැළිය පමණක් පවත්වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ. 

Neth Sound · NAMAL 01

සමගි ජන බලවේගයේ මැයි රැළිය පැවැත්වෙන්නේ තලවකැලේදීයි. 

සහෝදර පක්ෂවල ඉල්ලීම මත කොළඹින් බැහැරව මැයි රැළිය පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ. 

Neth Sound · MUJEBER 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩදීයි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ නුගේගොඩ තම පක්ෂයට ජයග්‍රාහී භූමියක් බැවින් මැයි රැළිය එහි පැවැත්වෙන බවයි. 

Neth Sound · SANJIWA 01

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ පෙළපාළියකින් තොරව මැයි රැළියක් පමණක් පවත්වන බවයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ. 

Neth Sound · AMARAWEERA 01

මේ අතර මැයි රැළි කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළා. 

Neth Sound · DIG INDIKA 01

අද පැවැත්වෙන මැයි දින පෙළපාළි සහ රැස්වීම් හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවන බවයි පොලීසිය පැවසුවේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here