වැලිගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලූ පොලිසිය මෝල්ඩෝවා ජාතිකයකු ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 18 හැවිරිදි තැනැත්තෙකි. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍යය ද එහිදී සොයාගෙන තිබේ.
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්.පී.ඒ. සනත් කුමාර මහතාට ලද තොරතුරක් මත පෙරේදා (20දා) අංක 57, සල්මල් උයන, වැලිහිඳ ලිපිනයේ පවත්වාගෙන යන ලියෝ විලා නමැති නවාතැන්පළෙහි විදේශීය ජාතිකයකු විසින් නීති විරෝධී මත්ද්‍රව්‍යයක් වන මෙතෙම්පෙටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට ලද තොරතුර මත වැටලීමක් සිදුකර ඇත.
එහිදී අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී ලියෝ විලා හෝටල් පරිශ්‍රය තුළ මෝල්ටෝවා රටෙහි ‘විදේශීය ජාතිකයෙකු වන ඛදසබජම‘මසදජ නමැති පුද්ගලයා සිට ඇත. පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගනු ඇතැයි සැකකළ හැකි අවර්ණ දියර සහිත ලීටර් 05 බැගින් අඩංගු කෑන් 20 ක් ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් 04ක්, ප්ලාස්ටික් කැබලි අඩංගු සුදු පාටට හුරු කිලෝ ග්‍රෑම් 05ක් බරැති කැබලි අඩංගු පැකට් 02ක්, සුදු පැහැති කුඩක් වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු ෂොපිං කවර 02ක්, නීති විරෝධී මත්ද්‍රව්‍යයක් වන අයිස්වලට සමාන මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවී ඇති අතර, වායු සමනය කරන ලද කාමරයක් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා රසායනික ද්‍රව්‍ය දමා ඇති ප්ලාස්ටික් තැටි 10ක්, බර කිරා මනිනු ලබන තරාදියක්, උෂ්ණත්වමානයක් ආදී උපකරණ රාශියක් තිබෙන බවද නිරීක්ෂණය වී ඇත.
ලියෝ විලා හෝටල් පරිශ්‍රය තුළ සිටි විදේශීය ජාතිකයා වන ඛදසබජම‘මසදජ නමැත්තා වැටලීම් පරිශ්‍රය තුළ රඳවා ගැනීමට කටයුතු කර ඇත.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වේ. ඊට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ සහයද ලැබී තිබේ.
හේමන්ත රන්දුණු
Saru FM Media