රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News
මෙම තීරණය මඟින් මාධ්‍ය නිදහස සීමා කරන බවත්, තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතියට බාධා පැමිණෙන බවත්, මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලටද හානිදායක බවත් අප සංගමයේ අදහස වේ.
මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති වාර්තාකරණයේ සහ තොරතුරු බෙදා හැරීමේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන පිරිසකි. එසේම මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගැනීමට සහ එය ජනතාව අතර නිවැරදිව බෙදා හැරීමට කැපවී සිටින පිරිසකි. එබැවින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම තීරණය අපගේ වෘත්තීය සඟයන්ගේ වෘත්තීය කාර්යයට බාධාවක් මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතල තර්ජනයකි.
එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපි තරයේ ඉල්ලා සිටිමු.

Saru FM Media