GMOA රජයට දුන් පැය 48 අදින් අවසන්

0
10

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබා දී ඇති පැය 48ක කාලය අදින් (30) අවසන් වන බව එම සංගමය පවසයි.

අදාළ කාලය තුළ රජය කිසිදු සාදනීය පිලිතුරක් ලබා නොදීම තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින විධායක සභාව විසින් සාකච්චා කර තීරණයකට එළැඹෙන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ,

“රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විදියට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක නිතර වී සිටිනවා. මේ සාධාරණය අපි ඉල්ලන්නේ. කාලරාමුවක් ඇතුලේ ඇතුලේ විසඳුම් නිර්මාණය කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන්න කියන තැන අපි ඉන්නේ.
හැබැයි ආණ්ඩුව සූදානම් නෑ නම්‍යශීලි වෙලා මේ ප්‍රශ්නය විසදන්න. මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙරේදා දිනයේ දී පැය 48ක කාලයක් ලබා දුන්නා මේ ගැටළුව විසඳීම සඳහා මැදිහත් වෙන්න. අද දවසේ මේ පැය 48 ඉවරවෙනවා.
එතනින් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් මධ්‍යම කාරක සභාව විධායක කමිටුවට බලය පවරලා තියෙනවා මේ ප්‍රශ්නයට අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ඒ අනුව ඉදිරි ක්‍රියාර්ග මීට වඩා වෙනස් විදියට වෙන්නේ කොහොමද කියලා රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා”

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here