මේවාට කියන්නේ ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නද.. නැත්නම් මොකද්ද? ලංකාවේ ඉන්න ලෝක බැංකු නිලධාරියාගේ නිවස කැඩුවා! මෙන්න ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිවසටත් වැඩක් දීලා! I Sri Lanka Latest News

0
7


ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.Sri Lanka Latest News

කොල්ලුපිටිය පොලිසියට ස්විස්ටර්ලන්ත තානාපතිනිය විසින් ඊයේ (29) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපතිනිය ඉකුත් 12 වැනිදා ස්විස්ටර්ලන්තයට පිටව ගොස් පෙරේදා (27) ලංකාවට පැමිණි බවත් එම කාල සීමාව තුල ඇයගේ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සේවයේ නියුතුව සිට තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසිය එම කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පවසනවා.

තානාපතිවරියගේ නිල නිවාසයේ ඉහළ මහලේ කාමරයක සේප්පුවේ දමා තිබූ දියමන්ති අල්ලන ලද මුදුවක්, කොළපෑති ගල් අල්ලන ලද මුදුවක් සහ රන්මාලයක්, සුදු රත්තරං බ්‍රේස්ලට් එකක්, රන් මංගල මුදුවක්, රූබි ගලක් අල්ලන ලද රන් මුදුවක්, රන් පෙන්ඩන්ටයක්, නිල් මැණික් ගල් අල්ලන ලද රන් කරාබු ජෝඩුවක්, Omega ladymatic වර්ගයේ ඔරලෝසුවක් ඇතුළු රන් බඩු තොගයක් සොරාගෙන ගොස් ඇති බවට තානාපතිනිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ කරනු ලබනවා.

දිගට හරහට වෙඩි තියනවාට අමතරව තැනක් නොතැනක් නොබලා කොල්ලකන්නත් පටන් අරන්!‌ ලෝක බැංකුවේ ලංකා ශාඛාවේ ආර්ථික විද්‍යාඥ ලෙවිට්ස්ගේ අකුරේගොඩ ගෙදරට පැනලා ලක්ෂ 31ක සල්ලි-රත්තරන් බඩු හොරකම් කරන් ගිහින්! I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here