
ලීසිං වාරික නොගෙවීම හේතුවෙන් අත්පත් කර ගැනීමෙන් පසු ලීසිං ආයතනයේ වාහන අංගණයේ ගාල් කර තිබූ ජීප් රථයක් එහි හිමිකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ආරක්ෂක නිලධාරියාට තර්ජනය කර බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය වාර්තා කරයි.
සිද්ධියට අදාළව පල්ලේකැලේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ අදාළ ලීසිං ආයතනයේ ආරක්ෂක නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය.
පොලිස් විමර්ශන අනුව, ලීසිං වාරික නොගෙවීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 24 වන දින ලීසිං සමාගමේ සීසර්වරයකු (නීත්‍යානුකූලව වාහන අත්පත් කිරීමේ බලය ඇති නිලධාරියෙකු) විසින් එම ජීප් රථය නීත්‍යානුකූලව අත්පත් කරගෙන ලීසිං ආයතනයේ වාහන අංගණයට රැගෙන විත් තිබේ.
කෙසේ වෙතත්, අප්‍රේල් 28 වන දින එනම් පෙරේදා, මුහුණු ආවරණය කරගත් සැකකරුවන් තිදෙනෙකු ලීසිං ආයතනයේ වාහන අංගණයට පැමිණ එහි රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරීන්ට පොල්ලක් පෙන්වා තර්ජනය කර ඇති අතර, ඉන්පසු අදාළ ජීප් රථය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත.
පොලිසිය කරගෙන යන විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ම
ෙම පැහැරගැනීම සිදු කර ඇත්තේ අදාළ ජීප් රථයේ මුල් හිමිකරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු විසින් බවයි. ඔවුන් සියල්ලන්ම දැනට හඳුනාගෙන ඇති බවත්, අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලේකැලේ පොලිසිය විමර්ශන කරගෙන යන බවත් වාර්තා වේ.
පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින අතර, සැකකරුවන් ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Saru FM Media