සතුන් දඩයම් කිරීමට බැඳ තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අප වාර්තාකාරිණිය පැවසුවේ මෙම ඛේදවාචකය පන්සියගම – වෙහෙරයාය ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධියේ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු ව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසා තිබෙනවා.
මෙය ඩී -ගණයට අයත් මනුෂ්‍ය ඝාතනයක් බවයි පොලිසිය සඳහන් කළේ.
Saru FM Media