දැන් ප්‍රධාන පක්ෂ කිසිවක් නැහැ.එකම බලවේගය අපි. වයෝවෘද්ධ රනිල්ටත් අපි අනුකම්පා කරනවා! (VIDEO)

0
7


කොළඹ LNW:මේ වන විට රට තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ නොමැති තත්ත්වයට පත්ව තිබෙන අතර අද රටේ තිබෙන ප්‍රධානම හා ප්‍රබලම පක්ෂය ජාතික ජන බලවේගය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

එළඹෙන මැයි දින සැමරුමෙන් මෙන්ම පළාත් පාලන මැතිවරණයෙන් ද එය පෙන්නුම් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාද වයෝවෘද්ධ වීම නිසා අමතක වීමේ රෝගය වැළඳී ඇති අතර ඔහුට අනුකම්පා කරන බවයි.

වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීම ඔහු බලාපොරොත්තු නොවූ දෙයක් විය හැකි අතර එමඟින්ද ඔහු කම්පනයට පත්ව ඇතැයි සිතන බවද මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here