දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ජයග්‍රාහී ක්‍රීඩකයින් දිවයිනට

0
13


2025 දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහී ක්‍රීඩකයින් යළි දිවයිනට පැමිණ තිබෙනවා. 

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරඟාවලිය පැවැත්වුණේ දකුණු ආසියානු කළාපයේ රටවල් 06ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කගේ සහභාගීත්වයෙන්. 

තරඟාවලිය පැවැත්වුණේ නේපාලයේ කත්මණ්ඩු නුවරදීයි. 

පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා පැවති මෙම තරඟයෙන් රිදී පදක්කම් 02ක්, ලෝකඩ පදක්කම් 08ක් දිනා ගැනීමට සහ සමස්ථ තරඟාවලියේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට මෙරට මේස පන්දු ක්‍රීඩකයින් සමත් වුණා. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එළඹෙන ජුනි මාසයේ උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ යොවුන් මේසපන්දු තරඟාවලිය සඳහා සහභාගිවීමටද සුදුසුකම් ලබා තිබෙනවා.  

 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here