පුංචි ඡන්දයට සල්ලි හොයන්න විශේෂ සාකච්ඡාවක්

0
8


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. 

එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම සඳහා ලබාදෙන ප්‍රතිපාදන සීමාකර ඇති බවයි. 

මේ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන සඳහා සේවා පහසුකම් සපයාදීමේදී ග්‍රාම නිලධාරින් ගැටලු කිහිපයකට මුහුණපාන බවයි එහි සභාපති නන්දන රණසිංහ මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

Neth Sound · NANDANA 02

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතාගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ අදාළ ප්‍රතිපාදන ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ ගිණුම් අංශය සමඟ සාකච්ඡා කරන බවයි. 

එහිදී ලැබෙන ප්‍රතිචාරය මත පවතින ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා කඩිනම් ප්‍රතිචාරයක් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here