
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ. විමලරත්න මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම කතරගම ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ පවුලට අයත් යැයි කියන නිවසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව සිදු කර ඇත.
මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති ජී. රාජපක්ෂ නිවස සම්බන්ධයෙන් කෙරෙන මෙම විමර්ශනයට අදාළව මීට පෙර කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා ද අත්අඩංගුවට ගෙන තිබුණි. මීට අමතරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුළු පිරිසකගෙන්ද පසුගිය දිනවල පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත්තේය.

Saru FM Media