අල්ලස් කොමිසමට රනිල් යවපු ලියුම අනුරට ගියාද? නැත්නම් රනිල්ට අමතක වීමේ ලෙඩක් හැදිලද? VIDEO I Sri Lanka Latest News

0
7


තමන් අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් ජනාධිපතිවරයා විසින් කියවා ඇති බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් කළේය.Sri Lanka Latest News

එහිදී ඔහුගෙන් විමසා සිටියේ ස්වාධීන ආයතනයක් වන අල්ලස් කොමිසම වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගෙන ඇති ද යන්නයි.

කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තමන්ව කැඳවා තිබූ දිනයේදී අල්ලස් කොමිසම හමුවට පැමිණීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිකර තිබූ බවයි.

එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහගේ නොපැමිණීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දී නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here