කුඹුරු වැඩ කරමින් සිටි පුද්ගලයෙක් අකුණක් වැදී මියයයි

0
8


පොළොන්නරුව – බකමූණ, යාය 502 සිදු වූ අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, මෙම හදිසි අනතුර ඊයේ (28) පස්වරු 04ට පමණ සිදු ව ඇත්තේ මරණකරු තම කුඹුරේ වැඩ කරමින් සිටියදී බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි රංජිත් පෙරේරා නමැති දෙදරු පියෙක්.

අකුණු වැදීමෙන් පසුව ගම්මුන් එක් ව මරණකරු ව කඩිනමින් බකමූණ රෝහලට රැගෙන ගිය ද තත්ත්වය අසාධ්‍යය වූ බැවින් ඔහුව පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එලෙස මාරු කර යවන විට ද එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here