උගන්ඩා සල්ලි කතාව කියලා හොඳම එකෙන් ඇනගත්තු කොට්ටහච්චි පාඩමක් ඉගෙන නොගනී! ජනාධිපති අවුරුද්දට SMS සුබ පැතුම් එවන්නේ නැතිව ලක්ෂ 980ක් ඉතුරු කළා කියලා තවත් අලි පචයක් කියලා නෝන්ඩි වෙයි! ඇමැති නලින්දම කොට්ටහච්චි පච කියපු බව පිළිගනී! VIDEO I Sri Lanka Latest News

0
8


ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ඨාච්චි මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් දෙරණ නාලිකාවේදී ප්‍රශ්න කරන ලදී.Sri Lanka Latest News

එම අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩය සඳහා රුපියල් ලක්‍ෂ 980ක් වියදම් වූ බවත් මෙවර එම සුබ පැතුම් කෙටි පණිවිඩය නොයවා එම මුදල රජයට ඉතුරු කළ බවටත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය පිළිබඳව අමාත්‍යවරයාගෙන් එහිදී මාධ්‍යවේදීයා විමසුවේය.

නලිනන්ද ජයතිස්ස ඇමතිවරයා එහිදී කියා සිටියේ තමන් සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නැති නමුත් පක්ෂයේ ඇතැම් අයගෙන් යම් යම් ගැටළුකාරී දේ පැවසෙමින් ඇති බවයි.

එම වරදවල් නිවැරදි කරවා ගැනීමටද කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ බොරු කීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා එහිදී දැඩිව ප්‍රශ්න කරන ලද අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයාද ඊට යම් අපහසුතාවයකින් ප්‍රතිචාර දක්වනු දැකිය හැකි විය.

ඕනෑම ඇත්තකදි වුවත් එය බොරුවක් කියා කියන්නත් ඕනෑම බොරුවකදී වුවත් එය ඇත්තක් කියා කියන්නත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා! උගන්ඩා සල්ලි ගැන අවබෝධයෙන් කතා කළා කියපු මාලිමාවේ නිලන්තිගෙන් තවත් අලුත් එකක්! VIDEO I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here