රෂිකා හෙන්නායක
කොළඹ ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳ වැටීමට හේතුව එය නිසි පරිදි, සැලසුම් සහගතව සකස් නොකිරීම බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසා සිටී.
එම පද්ධතිය මීට වසර කිහිපයකට පෙර සකස් කරන අවස්ථාවේදී එය සකස් කිරීමේ පවතින බරපතල ගැටලු පෙන්වා දුන්න ද එවක බලධාරින් ඊට ඇහුම්කන් නොදුන් බව, එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රජයට වැඩි වැය බරක් දැරීමට සිදුවන ආකාරයෙන් මෙම පද්ධතිය සකස් කිරිමට කටයුතු කළ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකල යුතු බවයි.
Saru FM Media