ගණේමුල්ලේ ව්‍යාපාරිකයාගේ මරණයට බිරිඳ සැකපිට අත්අඩංගුවට

0
11

ගණේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ දෙමහල් නි‍වසක උඩුමහලේ මියගොස් සිටි සුසන්ත ධම්මික නමැති 60 හැවිරිදි ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට මියගිය තැනැත්තාගේ බිරිය අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය සඳහන් කරයි.

ඇය 54 හැවිරිදි වියේ පසුවන්නියකි. 

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

සැකකාරියගෙන් සහ ඒ අවස්ථාවේ නි‍වසේ සිටි මියගිය තැනැත්තාගේ දියණියගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

බිරිය ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් ඇතිවූ සැකය මත ඇය අත්අඩංගුවට ගෙන තිබේ. 

මේ ඝාතනය පසුගිය 22 දා සිදුව තිබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here