විදෙස් මත්පැන් බෝතල් 234ක් සමග කටුනායකදී ව්‍යාපරිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට

0
9


ඩුබායිහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිලදී ගත්, රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 234ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් 05 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදීයි. 

එම සැකකරුවන් සියලු දෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බවටයි අනාවරණ වී ඇත්තේ. 

ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

සැකකාර ව්‍යාපාරිකයන් 05 දෙනා සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here