එක් කෝටි විසිපන් ලක්ෂයක නීති විරෝධී දුම්වැටි සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට

0
8


නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්. 

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. 

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබුණා. 

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 83,600ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. 

සැකකරු සම්බන්ධයෙන් ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here