ජනාධිපති ධූරයේ වගකීම හරියට වගකීම ඉටු කරලා නෑ! සජිත්ගෙන් අනුරට ලොකු චෝදනාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

0
7


මේ වන විට මැතිවරණයක් පැමිණ ඇති මොහොතක ජනතාවට පැහැදිලි තීන්දුවක් ගමේ හා නගරයේ බලය ගැන ගැනීමට ඇති බවත් මේ තීන්දුව ගැනීමේ දී අතිශයින්ම වැදගත් දෙයක් ලෙස ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට පොරොන්දු මාලාවට වුණ දේ ගැන සොයා බැලිය යුතු බවත් මේ වන විට ජන සමාජය මිනිමරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් මිලේච්ඡත්වය, සංවිධානාත්මක අපරාධ, මැර ක්‍රියාකාරකම් ආදිය සමාජය යටපත් කර ගෙන ඇති බවත් නිවසේදී මහමගදී, වැඩ බිමේ දී උසාවියේ විනිසුරුවන් ඉදිරිපිට, දරුවන් දෙමාපියන් හා කාන්තාවන් ඉදිරිපිට පවා වෙඩි තැබීම් සිදුවන බවත් අප රට වෙඩි පිට වෙඩි වරුසා නිර්මාණය වන පාතාල කල්ලිවල ග්‍රහණයට ලක් වූ රටක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ නීතිය වල් බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතියේ ආධිපත්‍ය නැති වී ඇති බවත් නීතිය හා සාමය ගැන රජයට ජාතික සැලසුමක් නොමැති බවත් මේ මිනිමැරුම් නිසා ජාතික ආරක්ෂාවට හානියක් නෑ කියලා රජය කියමින් යන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළ ආරක්ෂක නියෝජය ඇමතිවරයාට පවා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය නායකයාගේ වගකීම රටේ පුරවැසියන්ගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කර නීතිය ක්‍රියාත්මක කර ජනතාවගේ ආරක්ෂාව සැලසීම බවත් එය ජනාධිපතිවරයාගේ වගකීම බවත් එහෙත් මේ ජනාධිපතිවරයා අතින් නීතියේ ආධිපත්‍ය නැතිව ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හෝමාගම පැවැති ජන හමුවක් අමතමිනි.

පොලිසිය හා ආරක්ෂක අංශවලට අමතරව බිම්මට්ටමේ ගම් මට්ටමෙන් සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතා සහභාගීත්වයෙන් සෑම වසමක්ම ආරක්ෂා කළ හැකි බවත් පළාත් පාලන ආයතන හරහා ජනතා කේන්ද්‍රීයව පොලිසිය හා ආරක්ෂක අංශ සමග කටයුතු කර නීතිය හා සාමය ආරක්ෂා කළ හැකි බවත් මේවා නව වැඩපිළිවෙළක් බවත් මේ හරහා පාතාල කල්ලි ජනතාවගේ නායකත්වයෙන් මැඩපැවැත්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මැර කණ්ඩායම් මැර කල්ලි කප්පම් කණ්ඩායම් ඝාතකයන් මර්ධනය කරන්නට නව ක්‍රමවෙද යොදා ගත යුතු බවත් සමාජයේ මේ කරන අපරාධ වළක්වන්න විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සුපුරුදු ක්‍රමවේද පමණක් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවන නිසා අලුත් විදිහට සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේක බොරු කියන රජයක් කියලා ලේබල් ගැහිලා ඉවරයි

මේ වන විට රජය බොරු රජයක් ලෙස ලේබල් වී ඇති බවත් බොරුව, ප්‍රේඩාව, මුලාව, පච මල්ලකට හිමිකම් ඇති රජයක් ලෙස ලේබල් වී ඇති බවත් සුබ නැකතින් රට අනුරට දීලා රටට වුණ දෙයක් නැති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති කරනවා කිව්වත් ප්‍රතිපත්ති මාලාවේ ඉදිරිපත් කළ එකදු පොරොන්දුවක්වත් ක්‍රියාත්මක නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පැය 24ම බොරුව විතරයි

බඩු මිල අඩු කරනවා කිව්වත් හාල්, පොල්, කිරිපිටි පවා ඉහළ ගොස් ඇති බවත් අත්‍යාවශ්‍ය ආහාර හා පාසල් උපකරණවලට ගසා ඇති වැට් ඉවත් කරනවා කිව්වත් එය නොවූ බවත් විදුලි බිල 33%කින් මෙන්ම ඉන්දන මිල ද අඩු කරනවා කිව්වත් ඒ කිසිවක් නොවු බවත් ගොවියාට පොහොර සහනාධාරය නොලැබෙන බවත් 35000ක් රැකියා විරහිත උපාධිධාරින්ට පළමු අයවැයෙන්ම රැකියා දෙනවා කිව්වත් එය ද නොවූ බවත් ජනතාවගේ ප්‍රශ්න විසදීම එක පෑන් පාරින් කරනවා කිව්වත් කිසිදු ප්‍රශ්නයක් විසදා නොමැති වුවත් පැය 24ම බොරුව ඇන්දවීම රැවටීම මංමුලා කිරිම පමණක් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් එළිපිට බොරු කියන්නේ මේ රජය

ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි නියෝජ්‍ය ඇමතිවරයෙකු කියන විට වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මොවුන් මහදවල් එළිපිට බොරු පිට බොරු කියමින් යන බවත් හැම තැනම කළේ බොරුව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රටට වැඩ කරන්න අපිට ජනාධිපතිගේ මුදල් ඕනි නෑ

බොරු පිට බොරු කියා ඒවා ජනතාව ඉදිරියේ අනාවරණය වීමෙන් පසු රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා රටවන බවත් ජනාධිපතිවරයා මේ පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරන බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩකළ හැකි බවත් ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකිම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here