කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

0
11

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන පුද්ගල කණ්ඩායම් කුමන අභියෝග රැගෙන ආවත් පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ජනතාවට ලබාදීම සඳහා වන තම සැලසුම අනිවාර්යයෙන්ම ඉටු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

“අපි මේ රටේ ජීවත් වෙන ජනතාවගේ අවශ්‍යතා මොනවාද, ඒ අවශ්‍යතාවලට සංවේදී වෙමින් කටයුතු කරන්නේ. අපිට අවලාද කරන, අපහාස කරන, අපිට අසාධාරණ ලෙස විවේචන කරන විවිධ පුද්ගල කණ්ඩායම් මොන විදිහට අපේ ගමනට බාධා පමුණුවන්න විවිධ අභියෝග අරගෙන ආවත් ඇත්තටම අපි ඒවා බලන්නෙ අභියෝග විදිහටමයි. කුමන අභියෝගයක් ආවත් අපි ඒ අභියෝග මැද මේ ඉටු කරමින් යන්නෙ ජනතාවට පොරොන්දු වෙච්ච ඒ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා වෙන අපේ සැලසුම”

නිලන්ති කොට්ටහච්චි මහත්මිය මේ බව පැවසුවේ පානදුර තන්තිරිමුල්ල පැරණි පුස්තකාල ගොඩනැගිල්ල නවීකරණය කර යළි විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (29) එක්වෙමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here