නිශ්මං රණසිංහ අප්‍රේල් 28, කොළඹ LNW:
ලංකාවේ ක්‍රීඩාව කලාවට සාහිත්‍යයට විෂය වන තරම ප්‍රමානවත් නැහැ.ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වගේම ඇතැම් ක්‍රිඩාවල ප්‍රායෝගිකව නිරත වූ කෙනෙක් හැටියටත් මේ තත්ත්වය වෙනස් කරන්න දායක වෙන්න පුළුවන් මට්ටමෙන් වෙර දරන්නෙකු හැටියටත් සමන් ද සිල්වා ගේ ගීත කලාව තුළ දකින තණනිල්ල දිගේ ඇදිලා යනවා ගීතයට මම බෙහෙවින් කැමත්තක් දැක් වූවා.
සමන් එක්ක මහා ලොකු ගණුදෙනුවක් නැතත් හම්බවෙලා කතා කරන්න අවස්ථා කිහිපයක්ම ලැබිලා තියෙනවා.ඒ හැම අවස්ථාවකම එයා ගොඩක් කල් දන්න මිත්‍රයෙක්ට අමතනවා වගේ කතා කරන ගතියක් තිබුණා.සමන් කියන්නෙ ගායක වෘත්තීය හැමතැනම උස්සගෙන යන්නෙ නැති සාමාන්‍ය මනුස්සයෙක් විදිහට හැමෝම එක්ක සුහදශීලීව ඉන්න කැමති කෙනෙක් කියලයි මට දැණුනේ.
සමන්ගෙ තණනිල්ල දිගේ ඇදිලා යනවා ගීතය ක්‍රිකට් සම්බන්ධයෙන් ගැයුණු බොහෝ ගීතවලට වඩා ක්‍රිඩාත්මකයි වගේ සාහිත්‍යමය වශයෙනුත් වටිනාකමක් තියෙනවා කියලයි මට වැටහෙන්නෙ.ඒකට ප්‍රධාන හේතුව ගීතයේ භාෂාව විය යුතුයි.
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
විදුලිය වාගේ වැදිලා
යන විට ඈත නොපෙනී
දෙසවන් මගේ පිරිලා ඇසේ
ජය ගීතිකා ගැයිලා
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැදෑවේ
හසරැල් නැගී සතුටින් වගේ
ජය ගීතිකා ගැයිලා
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා..
දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
සිත මා පිරිලා..
Saru FM Media