මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ගැන හිටපු ජනපති සිරිසේනගෙන් අධිකරණය සාක්ෂි සටහන් කරගනියි

0
8


බොරලැස්ගමුව ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය අද (28) සාක්ෂි සටහන් කරගත්තා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ 2008 වසරේ ඔක්තෝබර් මස 10 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැනුණු බවයි.

එම අවස්ථාවේ දී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියා.

ඒ අනුව නඩුවේ පළමු වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here