හැමතැනම වෙඩි තියනවා! ගෙදරට ඇවිත් මිනී මරනවා! තුන්වැනි ඡන්දයත් ඇවිත්! දැන් රටේ නීතිය තීන්දු ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවද පාතාල කල්ලිද? මාලිමා ආණ්ඩුවේ වැඩ බැරිකම සජිත් පෙන්වා දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

0
10


මේ වන විට අප තුන්වැනි මැතිවරණයට මුහුණ දී ඇති බවත් අද රටේ ජන සමාජය ඉහළින්ම විෂමතා සහිතව නිර්මාණය වන බවත් මිනිමරු සංස්කෘතිය ඝාතන සංස්කෘතිය නිර්මාණය වී ගේ ඇතුලෙම වෙඩි තියන තැනට පත්ව ඇති බවත් මහපාරේ රෝහලේ පවා වෙඩි තබන බවත් සන්නද්ධ කණ්ඩායම් හා මැර කල්ලි මිනිමරු කල්ලි මෙරට ජනතාව බිය වද්දි භීෂණයක් ඇති බව ජනතාව සතු නිදහස ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද රටේ නීතිය වල් වැදී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් නීතියේ ආධිපත්‍ය නැතිවී ඇති බවත් රටේ නීතිය තීන්දු කරන්නේ පාතාල කල්ලි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි

පසුගිය කාලයේ අප රටේ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක බවත් මේ මාස කීපයට ජීවිත රැසක් අහිමි වී ඇති බවත් ආරක්ෂාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණට අනුව මෙය ජාතික ආරක්ෂක ගැටලුවක් නොවන නමුත් ජනතාවට රැකවරණය නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න නිදහස භුක්ති විදින්න ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වී ඇති බවත් මේ මිනිමැරු සංස්කෘතිය නැති කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද මාලිමාවට තමයි ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වෙලා තියෙන්නෙ

ජාතික ආරක්ෂාව ගැන පාඩම් කියල දෙන්න පුලුවන් කියපු රජයට ජාතික ආරක්ෂාව ගැන පාඩම් කියල දෙන තැනට රට පත්ව ඇති බවත් කප්පම්, ඝාතන නිසා කාන්තාවන් දරුවන් ආදිය අනතුරේ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපිට පළාත් පාලන ආයතනවල බලය දෙන්න..අපි අපරාධ මඩින්නම්

පළාත් පාලන ආයතන හරහා ආගමික සිද්ධස්ථාන සම්බන්ධ කර ගෙන සිවිල් ආරක්ෂක ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කර ජනතාව කේන්ද්‍ර කර ගත් ආරක්ෂක වැඩපිළිවෙළකට සමගි ජන බලවේගයට බලය ඇති පළාත් පාලන ආයතන හරහා සිදු කරණ බවත් රාජ්‍ය බලයට වඩා ජනතා සහභාගිත්වය මෙහි දී වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මිනිමරු සංස්කෘතිය, මිලේච්ඡත්වය නැති කළ යුතු බවත් මිනිමරු කල්ලිවලට පාතාල කල්ලිවලට ජන සමාජයේ හිස එසවිමට ඉඩ නොදිය යුතු බවත් නීතියේ ආධිපත්‍යය සුරකිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේක වැඩ බැරි ආණ්ඩුවක්

මේ ආණ්ඩුව වැඩ බැරි දර්ශනයක් නැති ආණ්ඩුවක් බවත් වැඩ බැරි වුනාට පච දේශපාලනය කයිවාරු දේශපාලනයෙන් කප් ගසා ඇති බවත් මැතිවරණ වේදිකාවේ කියු කිසිම පොරොන්දුවක් අද ඉටු කර නොමැති බවත් තෙල් මිල, විදුලි බිල,බඩු මිල,වැට් බදු ආදිය අඩු කරනවා කිව්වත් අද ඒ කිසිවක් නොවූ බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට පවා රැකියා දෙනවා කිව්වත් එයද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු මල්ලක් බොරු පොරොන්දු මාලාවක් පච මල්ලක් ඉදිරිපත් කළ මේ රජය දැන් නව පච මල්ලක්ද ඉදිරිපත් කරන බවත් අයවැයේවත් නැති පොරොන්දු කියමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here